May 10, 2024

වාසුගේ ඇමතිකම බේරුනේ මෙහෙමයි

ඊයේ (3) ජනපතිවරයා විසින් හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඔවුන් දරුව කැබිනට් ඇමති ධුරවලින් ඉවත් කිරීම සඳහායි.

ඒ ඔවුන් දෙදෙනා ඉකුත් 2දා ජනගත කළ "මුළු රටම එක මගට" ප්‍රකාශනය එළි දැක්වීමේ රැස්වීමේදී කළ ආණ්ඩු විරෝධී ප්‍රකාශ නිසා.

පිලිගැනීමේ කතාව

එම ප්‍රකාශනය එළි දැක්වූයේ විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 11 කණ්ඩායම විසින්.

එහෙත් "මුළු රටම එක මගට"ප්‍රකාශනය ජනගත කිරීමේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කළ වාසුදේව නානයක්කාර මහතාව ඇමති ධූරයෙන් ඉවත් කෙරුනේ නැහැ.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව වාසුදේව නානයක්කාර මහතාවද ඔහු දරන ජල සම්පාදන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා.

අගමැති විරෝධය

එහෙත් ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩිව විරුද්ධ වූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

"මුළු රටම හරි මඟට" රැස්වීමේ දී ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඊයේ  (3) අග්‍රාමාත්‍යවරයා දුරකථනයෙන් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා අමතා සිය අප්‍රසාදය පළකර ඇති බවත් දැනගන්නට තිබෙනවා.

මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානයක්කාර යන මහත්තුරුන් අතර දීර්ඝ කාලීන දේශපාලනය හිතවත්කමක් තිබීම ඊට හේතුවයි.

මුල් වරට පාර්ලිමේන්තුවට

මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට ආවේ මීට වසර 52 කට පෙර 1970 දී.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය නායකත්වය දුන් සමගි පෙරමුණු ආණ්ඩුවේ බෙලිඅත්ත මන්ත්‍රීවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් කිරිඇල්ල මන්ත්‍රීවරයා ලෙස වාසුදේව නානායක්කාර මහතාත් පාර්ලිමේන්තුව මුල් වරට නියෝජනය කළා.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 10:24