May 08, 2024

නව ව්‍යවස්ථා කෙටුම්පත කෝ: අපිත් ඇන්දුනාද - ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රශ්න කරයි

December 15, 2021

ජනපතිවරයා පොරොන්දු වූ නව ව්‍යවස්ථා මූලික කෙටුම් පත තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබෙනවා දැයි ආණ්ඩු පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

ජනපතිවරයාගේ පණිවිඩය

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා අවස්ථාවේ ජනපතිවරයා දුන් පණිවිඩයක් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

නව ව්‍යවස්ථා පිළිබඳ මූලික කෙටුම්පත ජනපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තියට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළ පණිවිඩය ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

දෙවැනි පදවි ප්‍රාප්තිය

2019 නොවැම්බර් 16 වැනි දින ජනපතිවරණයේ පැවැත් වූ අතර ජනපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදී තිබුණේ පසුගිය නොවැම්බර් මස 19 වැනි දිනට.

මේ ප්‍රතිඥාව මේ වන විට රටට ඉෂ්ට කර තිබිය යුතු බව කුමාරතුංග මහතා අවධාරණය කරනවා.

යුතුකම සංවිධානයේ සභාපතිවරයාද වන කුමාරතුංග මහතා පොදුජන පෙරමුන සන්ධානයේ සන්ධානගත පක්ෂ 10 කණ්ඩායමේ සාමාජිකයෙකුද වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 23:35

Related items