May 08, 2024

එක රටක් එක නීතියක් සභාපති අප්සෙට් : පත්වීම ගැන එකඟ වන්න බැහැ - ආණ්ඩුවෙන්ම විවේචනයක්

December 14, 2021

ජනපතිවරයා පොරොන්දු වූ "එක රටක් එක නීතියක්" වැඩපිළිවෙළ අද පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව තමන් කණගාටු වන බවයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ සඳහා පත්කොට තිබෙන ජනාධිපති විශේෂ කාර්ය සාදන බළකායේ ප්‍රධානියා සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

ආදර්ශමත් චරිතයක්

යුතුකම සංවිධානයේ සභාපතිවරයාද වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එහෙම තනතුරකට පත්වන පුද්ගලයා ආදර්ශමත් පුද්ගලයකු විය යුතු බවයි.

ඒ සභාපතිවරයා සම්බන්ධයෙන් තමන්ට තිබෙන්නේ කනගාටුවක් බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

මන්ත්‍රීවරයා "එක රටක් එක නීතියක්" සභාපති හිමි නම ගැන සිය අප්‍රසාදය පළ කළේ මාධ්‍ය හමුවක් තබමින්.

ගැටුම්කාරී හිමිනම

එක් රටක් එක නීතියක් සඳහා වූ විශේෂ ජනපති කාර්ය සාධන බලකායේ සභාපතිධූරයට ජනපතිවරයා විසින් පත්කර තිබෙන්නේ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්වයි.

උන් වහන්සේ මතභේදාත්මක බොදුබල සේනා සංවිධානයේ ලේකම්වරයාද වනවා.

නිරන්තරයෙන් අනවශ්‍යය මත ගැටුම් සමග පැටලෙන උන්වහන්සේ මේ මෑතකදී තරුණ භික්ෂූන් වහන්සේ දෙනමකට අශෝභන වචනයෙන් බැනවදිමින් ඇති කරගත් ගැටුමට මේ වන විට විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 15:46

Related items