May 02, 2024

ඒ තීන්දුව අපේ ආණ්ඩුව පරිහානියෙන් පරිහානියට යන එකක් : ගෙවිදුගෙන් ප්‍රකාශයක්

December 19, 2021

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමති ධූර වැඩි කිරීම පරිහානියෙන් පරිහානියට යෑමක් බව ආණ්ඩුව නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

තමන් නියෝජනය කරන ආණ්ඩුව පරිහානියෙන් පරිහානියට යන එවැනි තීන්දුවකට නොයනු ඇති බව තම විශ්වාසය බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ජාතික ආණ්ඩු ප්‍රතිපාදන

ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුව තුළ සිටිය යුතු ඇමති , රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති සංඛ්‍යාවේ සීමාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ජාතික ආණ්ඩුවක් තුළ අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට තනතුරු ලබාදීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සපයා ඇති බව ඔහු සඳහන් කරනවා.

කුමාරතුංග මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කරන්නේ වර්තමානයේද ඇමති ධූර හා රාජ්‍ය ඇමති ධූර සංඛ්‍යාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අයුරින් වැඩි කර ඇති බවට අධිකරණය හමුවේ ඇති නඩුවක් පිළිබඳවද කරුණු ඉදිරිපත් කරමින්.

ව්‍යවස්ථා විරෝධී තීන්දුව

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වාදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළත් ආරක්ෂා කරගත් ඇමතිධුර හා රාජ්‍ය ඇමති ධූර සංඛ්‍යාව ඉක්මවීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම්වරයා අධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ඔහු හෙළිදරව් කරනවා.

කැබිනට් ඇමතිධූර 30 කටත් රාජ්‍ය ඇමති ධුර 40 කටත් වත්මන් ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති අමාත්‍යාංශ සංඛ්‍යාව ඊට වඩා ඉක්මවා ගොස් ඇති බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

පුද්ගලයින් හැටියට කැබිනට් ඇමතිවරුන් 30 හා රාජ්‍ය ඇමතිවරුන් 40 සිටියත් අමාත්‍යාංශය සංඛ්‍යාව ඊට වඩා වැඩි වී ඇති බව එම පෙත්සමේ පදනම බවයි ඔහු අනාවරණය කරන්නේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු කෙටුම්පතින් එම සීමාවන් ඉවත්කර තිබුනද තමන් නියෝජනය කරන යුතුකම සංවිධානයේ මැදිහත් වීමෙන් එම සීමාවන් පැනවීමට හැකිවූ බව මන්ත්‍රීවරයාව වැඩි දුරටත් පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 11:49

Related items