May 08, 2024

"මට තුන දුන්නේ නෑ.. ඒක තියාගන්න" - විනාඩි 10ට කතාවක් ලියාගෙන ආපු ගෙවිදු දුකෙන්

තමාට ඊයේ කතානායකවරයාට කතා කර විනාඩි 10ක කාලයක් ඉල්ලා සිටි බවත් එම විනාඩි 10ට කතාවක් ලියාගෙන ආ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

තමාට අද උදෑසනත් 3 වැනි කතාව ලබා දෙන බවට කතානායකවරයා පොරොන්දු වූ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමාට දැන් ලබා දීමට සූදානම් වන්නේ විනාඩි 7ක කාලයක් නම් එය තියා ගන්නා ලෙස මන්ත්‍රීවරයා මූලාසනාරූඩ මන්ත්‍රීවරයාට කියා සිටියා.

"අපිට මේ පාර්ලිමේන්තුවේදීවත් යුක්තිය සාධාරණය ඉෂ්ඨ වෙන්නේ නැත්නම්. ඊයේ හැමෝටම විනාඩි 10 ගානේ දුන්නා. මම ඊයේ කතානායකතුමාට ලිඛිත ඉල්ලීමක් දුන්නා. මට එතුමා විනාඩි 10ක් දෙනවා කිව්වා. මම කතාව විනාඩි 10ට ලියලා තියෙන්නේ." යැයි මන්ත්‍රීවරයා දුක්මුසු ලෙස කියා සිටියා.

කතාව සිදුකරගෙන යන ලෙස මූලාසනාරූඩ මන්ත්‍රීවරයා දන්වා සිටියද ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසූවේ "මට කතාව මැද්දෙදි නවත්වන්න වෙනවා. මට විනාඩි 10ක් දෙන්න"

ඉන් අනතුරුව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සිය ලියාගෙන පැමිණි විනාඩි 10 කතාව සිදුකරගෙන ගියා.

Rate this item
(0 votes)

Related items