May 18, 2024

අපේ සෙට් එක හිටියා නම් බලාගන්න තිබුනා: ජනපතිගේ පාර්ලිමේන්තු ගමනට සජබෙන් ප්‍රතිචාර

අද (7) ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියා.

එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවට ජනපති මාධ්‍ය ඒකකය මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රතිචාරය

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග සිය ප්‍රතිචාරය දැක්වූවා.

එසේ ප්‍රතිචාර දැක්වූයේ රවුෆ් හකීම් මන්ත්‍රීවරයායි.

ඔහු ඔහු පාර්ලිමේන්තුව අමතා කළ කතාවේදී සඳහන් කළේ ජනපතිවරයා පාර්ලිමේන්තුවට ගෙනැවිත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෝඩ චූන් එකක් ගත් බවයි.

පාර්ලිමේන්තුවෙන් පිටත තත්ත්වය

පාර්ලිමේන්තුවෙන් පිටත තත්ත්වය ආණ්ඩුව සිතන ආකාරයට වඩා වෙනස් බවත් ඔහු සඳහන් කළා.

ජනපතිවරයා පැමිණෙන අවස්ථාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටියානම් සිදුවන දේ බලා ගන්නට තිබුණා යයිද හකීම් මහතා විශේෂයෙන්ම මතක් කර සිටියා.

අද (7) රට පුරා ස්ථාන 150ක සමගි ජන බලවේගය විරෝධතා පවත්වන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අති බහුතරයක් ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ ඊට සහභාගි වී සිටි බවයි හකීම් මහතා සඳහන් කළේ.

ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සභාවේ සිටියේ නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 April 2022 15:35