May 18, 2024

සජබෙන් හෙට ලොකු වැඩක්: එරාන්ගෙන් ප්‍රකාශයක්

වැටී ඇති ආර්ථික අර්බුදයට පිළියම් ලෙස තමන් සතුව වැඩ පිලිවෙලක් තිබෙන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඔහු ඒ බව සඳහන් කළේ එම වැඩ පිළිවෙළ හෙට (8) පාර්ලිමේන්තුව හමුවේ තබන බවද හෙළිදරව් කරමින්.

විසඳුම් මාලාව

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ වගකීම සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ම ගත යුතු බවත් එනිසා අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ පමණක් නොව විපක්ෂයේත්  වගකීමක් බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළ කරුණක්. 

තෙල් හිඟය , පෝලිම් යුගය නැති කරන ආකාරය පිලිබඳවත් වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

හෙට (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වුයේ සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට හේතුවද අනාවරණය කරමින්.

සර්ව පාක්ෂික සමුළුව

එම සර්ව පාක්ෂික සමුළුව සංදර්ශනයක් බැවින් ඊට සහභාගී නොවූ බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

රටේ පවතින ආර්ථික ප්‍රශ්ණයට සිය විසඳුම් පාර්ලිමේන්තුවට පමණක් ඉදිරිපත් කරන බව ඒ අවස්ථාවේත් සමගි ජන බලවේගය ප්‍රකාශ කළ බවද වික්‍රමරත්න මහතා සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 15:34