May 18, 2024

පොදු ජන අරගලයට රන්ජන්ගේ ආශිර්වාදය: ජනතා අරගලය සාධාරණයි මල්ලි Featured

පොදු ජනතාව මහපාරෙ කරන අරගලය ඉතා සාධාරණ බව රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කරනවා.

සිර දඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායක මහතා මේ බැව් සඳහන් කළේ අද (7) දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනපති කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේ.

එළියේ තත්ත්වය

එම කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු යලි බන්ධනාගාර බස් රථය වෙත යද්දි මාධ්‍ය අමතා රාමනායක මහතා සඳහන් කළේ එළියේ තත්ත්වය පිළිබඳව තමන් හොඳින් දන්නා බවයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ බාධා මැද රාමනායක මහතා සඳහන් කළේ ජනතාව දුක් විඳින බවත් ඒ සම්බන්ධයෙන් තමාට කණගාටුවක් ඇති බවයි.

ජනතා දුක

ජනතාවට ගෑස් නැතිව, ආහාර නැතිව දුක් විඳින බවද ඔහු සඳහන් කළේ තමන්ට කතා කිරීම තහනම් කර ඇති බවද මතක් කර දෙමින්.

තමා බන්ධනාගාරය තුළ ද දුක් විඳින බව පෙන්වාදුන් රාමනායක මහතා ජනතාව ඊටත් වඩා දුකක් විඳින බව සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 07 April 2022 16:01