May 17, 2024

මගේ දුවත් උද්ඝෝෂණයේ: මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී කිව්ව කතාව

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද (7) පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණක් හෙළිදරව් කළා.

ඒ සිය දියණිය පිළිබඳව.

ඉල්ලීම නොතකා

තමන් කළ ඉල්ලීම් නොතකා ඇය මහජන උද්ඝෝෂණ වලට සහභාගී වී සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ තරුණ පරපුර තමන්ගේ අයිතිය ඉල්ලා කරන සටනක් නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පරම්පරාවේ අයිතිය

තමන් නියෝජනය කරන තරුණ පරම්පරාවේ අයිතිය වෙනුවෙන් තමන් යා යුතු බව තමන්ගේ දියණිය තමන් අමතා සඳහන් කළ බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

සිය දියණිය පමණක් නොව ඇගේ ස්වාමි පුරුෂයා වන සිය බෑනාද උද්ඝෝෂණ වලට සහභාගි වී සිටින බවද ඔහු සඳහන් කළා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 07 April 2022 15:37