May 08, 2024

කාගෙවත් ප්‍රජා අයිතියට අත තියන්න එපා - ගෙවිඳුගේ යෝජනාවට වැඩිදෙනෙකුගේ කැමැත්ත

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ ජනපති කොමිසම විසින් කර තිබෙන නිර්දේශයන්ට අනුව ඊට වගකිව යුතු අයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොකළ යුතු බවට ගෙවිඳු කුමාරතුංග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා කර තිබෙන යෝජනාවට බහුතරයකගේ කැමැත්ත හිමිව තිබෙන බව දැනගන්නට තිබේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා යෝජනා කොට තිබෙන්නේ දේශපාලන පලිගැනීම් කොමිසම වාර්තාවට අනුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කළ යුතු බවය.

ඊට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ සහයෝගයද ලැබී ඇති අතර තමන් ද මාස තුනක් හිරේ දුක් වින්ද බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයට කටයුතු නොකළ යුතු බවත් සඳහන් කොට තිබේ.

ඊට අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ සහයද ලැබී ඇති අතර ඔවුන් දෙපළ ද සඳහන් කොට තිබෙන්නේ දේශපාලන පලිගැනීම් පිළිබඳව වගඋත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම පමණක් සුදුසු බවත් වැරැද්දක් කර තිබේ නම් දඬුවම් දීම ප්‍රමාණවත් බවය.

පසුගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් සියල්ලම සභා නායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර කලකට පසුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවර රැස්වීම පැවැත්විණි.

දේශපාලන පළිගැනීම් පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවට අභියෝගයක් කරමින් සඳහන් කළේ තමාගේ ප්‍රජා අයිතිය ගෝඨාභය රාජපක්ෂගේ අහවල් තැන ගසා ගන්නා ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 April 2021 08:09

Related items