May 09, 2024

අපි ඉන්නෙත් කලකිරීමෙන්: අද සිදුවන්නේ 69 ලක්ෂයට කියපු දේවල්ද - ගෙවිදු කුමාරතුංග ප්‍රශ්න කරයි (VIDEO)

ජනපතිවරයා ක්‍රියාත්මක කරන ඇතැම් වැඩ කටයුතු ඔහුට ඡන්දය දුන් 69 ලක්ෂය බලාපොරොත්තු වූ දේවල් නොවන බවයි ආණ්ඩු පක්ෂයම නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ ජනපති කාර්ය සාධන බළකායේ සභාපති ධූරය පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදීම ඒ සඳහා වූ ආසන්නම හේතුවක් ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

උන් වහන්සේව එවන් තනතුරකට පත් කිරිමෙන් තමන් ඇතුළු පිරිස ජනපතිවරණයට පෙර සිටම කතා කළ රටේ උරුමයන් හා සදාචාරයන් පැත්තකට දැමුණු බව මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

ජනපතිගේ දෙවර්ෂ පූර්ණයට පෙර ඉදිරිපත් කරන බවට පොරොන්දු වු නව ව්‍යවස්ථාව , ජාතික වැදගත්කමකින් යුත් සම්පත් විදේශීයකරණය කිරීම ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් තමන් ඇතුළු ආණ්ඩුවේ බලවේග තුල විශාල කලකිරීමක් තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මෙරටට කලින් කලට වෙනස් නොවෙන ස්ථිරසාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බවත් තුනෙන් දෙකක බලයක් මහ මැතිවරණයේදී ඉල්ලා සිටියේ ඒ සඳහා මිස වෙන දෙයක් සඳහා නොවන බවයි මන්ත්‍රීවරයා මතක් කරන්නේ.

යුතුකම සංවිධානයේ සභාපතිවරයාද වන ගෙවිඳු කුමාරතුංග මහතා මෙම රහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එම සාකච්ඡාව අද රාත්‍රී 9 ට විකාශය වීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 21:41

Related items