May 08, 2024

වෙන රටක නම් ඉල්ලා අස්වෙලා: ඇත්ත රටට කියන්න - ගෙවිඳුගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගතය ආසාදිත රෝගීන් 7003ක් කිසිදු අධීක්ෂණයක් නොමැතිව සිටින බවට මාධ්‍ය හෙළි කරණ පුවත ඇත්තක් නම් රජය සහ සෞඛ්‍ය අංශය ජනතාවට ප්‍රකාශ කොට තිබෙන්නේ සම්පූර්ණයෙන් අසත්‍ය බවට ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සටහනක් දමා තිබෙනවා.

ආණ්ඩු පක්ෂ සාමූහිකය

පොදුජන පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා මෙම සටහන තබා තිබෙන්නේ ආණ්ඩු පක්ෂ සාමූහිකයේ.

වෙන රටක නම් ඊට වගකිව යුතු පිරිස් සියල්ලන්ම මේ වන විට ඉල්ලා අස් ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ඇත්ත රටට කියන්න

ඉල්ලා අස්වීම කෙසේ වෙතත් මෙම කරුණු ඇත්ත නම් ඒ ඇත්ත රටට කියන ලෙසත් ඒ ඇත්තට ගැලපෙන අයුරින් වහා පියවර ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා තමන් නියෝජනය කරන ආණ්ඩුවෙන් සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මීට ටික දිනකට පෙර පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරිනියක් මතභේදාත්මක තොරතුරක් හෙළිදරව් කලා.

අධීක්ෂණයක් නැති රෝගීන්

එම නිලධාරිනිය හෙළිදරව් කළ කරුණු වලට අනුව සතියක කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12555ක් හඳුනාගෙන ඇති අතර ඉන් 4046 රෝහල් ගත කර ඇති අතර රෝගීන් ලෙස හඳුනාගත් තවත් 7003 ක් නිවසේ හෝ කිසිවකුගේ අධීක්ෂණයක් නොමැතිව සිටින බව හෙළිදරව් වී තිබෙනවා.

ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඉහත ප්‍රකාශය කරන්නේ එම කරුණු පදනම් කරගෙන.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 00:56

Related items