May 19, 2024

බෝම්බය ගැලවීමට හේතුව සැකයක් : බෝම්බය පුපුරා වැඩිමහල් සොයුරා මරුට - බාල සොයුරාට බරපතලයි (PHOTOS)

December 06, 2021

කිලිනොච්චිය, පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක ඊයේ (05) සවස මෝටාර් උණ්ඩයක් පුපුරා යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු විසින් නිවසේ කාමරයක් තුල රහසිගතව මෙලෙස මෝටාර් උණ්ඩයක් ගලවා කොටස් කිරීමට ගත් උත්සහයකදී මෙලෙස පුපුරා ගොස් ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලදී හෙලි වී තිබෙනවා.

මෝටාර් උණ්ඩය පුපුරා යාමෙන් වැඩිමල් සොහොයුරා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර බාල සොහොයුරා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇතැයිද පොලීසිය පැවසුවා.

එලෙස බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය, පරන්තන්, උමයාගපුරම් ප්‍රදේශයේ පදිංචි සිවලිංගම් සිවරාජ් නැමති 25 හැවිරිදි අයෙක්. එමෙන්ම ඔහුගේ බාල සොහොයුරා වූ 15 හැවිරිදි පාසල් සිසුවෙකුද වන සිවලංගම් නිලක්ෂණ් බරපතල තුවාල ලබා තිබෙනවා.

අබලි යකඩ එකතු කරන ස්ථානයක යුද සමයේදී කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ මෙලෙස ගලවා කොටස් කිරීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතර බෝම්බ ගලවා කොටස් කිරීම සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Monday, 06 December 2021 11:20