May 19, 2024

යාපනයේදී පුද්ගලයෙකුට අමානුෂිකව පහර දෙයි

November 21, 2021

යාපනය චුන්නාකම් පොලිස් වසමට අයත් අම්පනෙයි ප්‍රදේශයේදි වයෝවෘද්ද පුද්ගලයෙකුට අමානුෂිකව පහරදුන් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අම්පනෙයි ජේ-199 ප්‍රදේශයේ පිහිටි නිවෙස යාබද නිවෙස් දෙකක මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී එක් නිවසකින් වයෝවෘද්ද පුද්ගලයෙකු යතුරුපැදියෙන් පිටවන අවස්තාවේදී යාබද නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ යතුරුපැදිකරුට අමානුෂිකව පහරදී බිම හෙලා නිවසට ඇදගෙන යන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක පටිගත වී තිබෙනවා.

පසුව නිවස දෙසට ඇදගෙන ගිය පසු ගේට්ටුව වසා යතුරුපැදිකරුට පහරදෙන අතර අසල්වැසියන් පැමිණ යතුරුපැදිකරු බේරා ගැනීමට උත්සහ ගත් අවස්ථාවේදී අසල්වැසියන්ටද පහර දී තිබෙනවා.

අනතුරුව පහරදීමෙන් බරපතල තත්වයේ සිටි යතුරුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිදුකරන ලද පරික්ෂණ වලදී අදාල පහරදීම සම්බන්ධයෙන් පිරිමි දෙදෙනෙකු හා කාන්තාවක් ඇතුලු තිදෙනෙකු චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාල පහරදීම කලක සිට පවුල් දෙක අතර පැවත එන ආරවුලක් බවටද පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි අයෙකු බවටද පහරදීම සිදුකල පුද්ගලයින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)