May 06, 2024

ෆෙයාර්ලස් ක්‍රිකට් ගහපු ආරම්භක පිතිකරු යුවළට ඉන්දීය නායිකාව දුන් දෝස් මුරය

September 24, 2021

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින්නේ.

එම සංචාරයේ දෙවැනි එක්දින තරගයේ හෙට (24) දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු තරගය

කණ්ඩායම් දෙක අතර පැවති පළමු එක්දින තරගය ඉතා පහසුවෙන් ඔස්ට්‍රේලියාව ජය ගත්තා.

ඉන් පසුව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මිතාලි රාජ් පරාජයට හේතු දක්වමින් බය නැති ක්‍රිකට් (FEARLESS CRICKET) ගැහිල්ල ගැන පාඩමක් සිය කණ්ඩායමේ ලාබාල ක්‍රීඩිකාවන්ට කියා දී තිබෙනවා.

ඒ ඉන්දීය කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වන ස්මිරිතා මන්දානා සහ සෙෆාලියා වර්මා බය නැති ක්‍රිකට් ගසන්නට ගොස් කණ්ඩායමට සිදු කළ පාඩුව පිළිබඳවයි.

ආරම්භක පිතිකරුවන්ගේ වගකීම

රාජ් පවසන්නේ වර්මා තවමත් 16 හැවිරිදි වියේ පසුවන අත්දැකීම් මදි ලාබාල ක්‍රීඩිකාවක වුවද ඇය සමග ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන මන්දනා තරඟ 140 කට වඩා අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක් බවයි.

ඒ නිසා ලාබාල ක්‍රීඩිකාව කුමක් කලත් ඇය වගකීම ගත යුතු බවයි රාජ් පෙන්වා දෙන්නේ.

අවම වශයෙන් එක්දින ජාත්‍යන්තර තරඟයකදී ආරම්භක පිතිකරු වල ලකුණු 50 කවත් සම්බන්ධතාවයක් ලබාදෙමින් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දිය යුතු බවයි.

ඒ නිසා වගකීමෙන් ක්‍රීඩා කළ යුතු බව ආරම්භක පිතිකරු වලට රාජ් පෙන්වා දුන්නේ එසේ නොවන්නේ නම් මැදපෙල පිතිකරුවන්ට ඉනිම ගොඩනැගීම ඉතා අසීරු වන බව පෙන්වා දෙමින්.

වේගවත් ආරම්භය

ආරම්භක පිතිකරු යුවල වන මන්දනා සහ වර්මා වේගවත් ආරම්භයක් ලබා දුන්නේ මුල් ඔව්ර තුනයි පන්දු තුනට ලකුණු 31 ලබාදෙමින්.

එහෙත් මුළු ලකුණු 38 වන විට ආරම්භක පිතිකරු යුවළම දැවී යාමෙන් ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 225ක්.

එම තරඟයේදී මන්දනා හා වර්මාට ලබාගැනීමට හැකි වූයේ පිළිවෙලින් ලකුණු 16 ක් හා 8 ක් පමණයි.

එම ඉලක්කය හතළිස් එක් වැනි ඕවරයේදී ඕස්ට්‍රේලියාව ඉතා පහසුවෙන් පසු කලා.

මේ බය නැති ක්‍රිකට් ගැන කතා කළේ මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට තේරී පත් වූ කුසල් ජනිත් පෙරේරාද බය නැති ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙස ක්‍රීඩකයන්ට ලබා දුන් උපදෙස නිසා.

ඔහු නායකත්වය දැරූ බංගලාදේශ හා එංගලන්ත සංචාර දෙකම අසාර්ථක වුණේ පිතිකරුවන්ට වැඩි දස්කම් පෑමට නොහැකි වූ නිසා.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 08:21