May 06, 2024

ලෝක කුසලාන සංචිතයත් අහිමි වී බිරිඳත් අහිමි වුණු ශිකර් ධවාන්

September 09, 2021

නිමාවට පත් වූ සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ T20 තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර වන්නට ඉන්දීය කණ්ඩායම ප්‍රථම වතාවට මෙහෙයවපු ශිකර් ධවාන් සමත් වුණා.

නිතරම සිනහාවෙන් සිටින මෙම අපුරු ක්‍රීඩකයා පිළිබඳව ඊයේ (09) දිනයේ දුක්බර සිදුවීමක් වාර්තා කර තිබුණා.

ශිකර් ධවාන්ගේ බිරිඳ වන ඒෂා මූකර්ජී විසින් ඔවුන් දෙදෙනාගේ වසර 08ක විවාහ ජීවිතය නිමා කරන බවට ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

අයීෂා තැබූ ඉන්ස්ට්‍රගෑම් සටහන,

View this post on Instagram

A post shared by Aesha Mukerji (@apwithaesha)

ශිකර් සහ ඒෂා විවාහ වන්නේ 2012 වසරේ දී වන අතර ඔවුන්ට සොරාවර් නමින් පුතෙකුද සිටිනවා. ඒෂා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වන අතර ඇය ආධුනික බොක්සිං ක්‍රීඩිකාවක් ද වනවා.

ඒෂාගේ මෙම දික්කසාදය පිළිබඳව ප්‍රකාශය පිළිබඳව ශිකර් ධවාන් විසින් තවම කිසිවක් සඳහන් කර නැහැ.

ඉන්දියාව වෙනුවෙන් සීමිත පන්දුවාර තරඟාවලිවලදී ඉහළ දක්ෂතා දක්වා ඇති ශිකර් ධවාන්ව මෙම වසරේ දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය නියෝජනය කරන ඉන්දීය සංචිතයට ද නම් කොට තිබුණේ නැහැ.

මෙම සිදුවීම් දෙකම එක්වර සිදුවීමත් සමඟ මෙරට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් මෙන්ම මෙරට ක්‍රිකට් ලෝලීන්ද විශ්මයට මෙන්ම ශෝකයටද පත්ව සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 00:22