May 03, 2024

ඕස්ට්‍රේලියාවෙන් තලේබාන්ට පණිවිඩයක් : කාන්තාවන්ට තහනම් නම් පිරිමි ටෙස්ට් තරඟයත් අවලංගුයි

September 09, 2021

ඇෆ්ගනිස්ථානයේ සිදු වූ දේශපාලන කුණාටුව ක්‍රිකට් ක්‍රීඩාව වෙතද හඹා ගොස් හමාරයි.

ඔස්ට්‍රේලියාව හා ඇෆ්ගනිස්තානය අතර එළැඹෙන නොවැම්බර් මස ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කිරීමේ පසුබිමක් දැන් උදා වී තිබෙනවා.

තලේබාන් තීරණය

ඒ ඇෆ්ගනිස්ථානයේ නව තලෙයිබාන් පාලනය කාන්තා ක්‍රිකට් තහනම් කිරීම හේතුකොටගෙන.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ඕස්ට්‍රේලියා ඊයේ (8) පැහැදිළි තීන්දුවක් අරගෙන.ඒ සම්බන්ධයෙන් එම ආයතනය සිය ස්ථාවරය මෙසේ ප්‍රකාශ කරනවා.

"ලොව පුරා කාන්තා ක්‍රිකට් වර්ධනය වීම ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයට ඉතා වැදගත්.ක්‍රිකට් ක්‍රීඩාව පිරිමි , කාන්තා භේදයක් නොමැති සැමට සහභාගී විය හැකි ක්‍රීඩාවක් ලෙසයි අපේ දැක්ම වන්නේ."

පුවත සත්‍ය නම් තරගය නැහැ

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කර බවට මාධ්‍ය වල පලවන පුවත් සත්‍ය නම් එළඹෙන නොවැම්බර් මස ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කරන බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා වල නිල මතයයි.

"රෂීඩ් ඛාන් ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගයකට සහභාගි වෙන හැටි දකින්න අපි හරිම කැමතියි.ඒ විදිහටම අපි රෝයා ශමිම් ( ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් නායිකාව) හා ඇගේ කණ්ඩායමේ අනිකුත් සාමාජිකාවන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අයිතිය තිබෙනවා දකින්නත් ආසයි." ක්‍රිකට් ඕස්ට්‍රේලියා වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 09 September 2021 17:53