"මගේ මනස ඉතා පැහැදිලියි.නායකයෙකුට වඩා ක්‍රීඩකයෙකු ලෙස මම සාර්ථකයි" මෙහෙම කියන්නේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පා දඟ පන්දු යවන්නා වන රෂීඩ් ඛාන්.
22 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන් ඇෆ්ගනිස්ථාන 20 - 20 කණ්ඩායමේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින් වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන්නේ " මට උප නායකයකු ලෙස ලොකු දෙයක් කණ්ඩායමට කරන්න පුළුවන්.නායකයාට උදව් අවශ්‍ය වෙලාවට උදව් කරන්න පුළුවන්.එනිසා නායක තනතුරෙන් ඉවත්ව සිටීම මට ඉතාමත් හොඳ දෙයක්" බවය.
"කණ්ඩායම වෙනුවෙන් මම දක්වන දායකත්වයට නායකත්වය බාධාවක් වෙයි කියලා මට බයක් තියෙනවා.මට අවශ්‍ය ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමට මගේ උපරිම සහයෝගය ලබා දීමයි.මේ අවස්ථාවේ වැදගත් අත ළඟ තියෙන 20 - 20 ලෝක කුසලානය.එවන් පසුබිමක් තුළ නායකත්වය මට දරා ගන්න අපහසුයි." රෂීඩ් ඛාන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට තමන්ගේ දායකත්වය දැක්විය යුතු අයුරු ගැන කියන්නේ ඒ විදිහටයි.
මීට පෙර තමාව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ අවස්ථාවේ තමා මුහුණ දුන් මානසික තත්ත්වය පිළිබඳව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පරිපාලනයද හොඳාකාරව අවබෝධ කොටගෙන තිබෙන බවද රෂීඩ් ඛාන් සඳහන් කරයි.
රෂීඩ් ඛාන් මේ වන විට ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් 20 - 20 තරග 51 කට සහභාගි වී කඩුලු 95ක් දවාගෙන තිබේ.
ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමට සුදුසු නායකයෙකු සොයා ගැනීමේ අර්බූදයකට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් බලධාරීන් පසුගිය වසර තුනම පමණ කාලයක සිට මුහුණ දී සිටී.