May 15, 2024

ඇෆ්ඝන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වැඩ වරදින ලකුණු!

තලේබාන් ත්‍රස්තයන් ඇෆ්ඝනිස්ථානයේ බලය අල්ලා ගැනීමත් සමඟ එරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම නිර්මාණය කිරීමට තිබූ අවස්ථාව අහෝසි කරනු ඇෆ්ඝනිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවසා සිටිනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීමට 12 දෙනෙකු අවශ්‍ය වෙයි. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයද සිය කාන්තා කණ්ඩායමක් නිර්මාණය කරගෙන තිබුණි.

පසුගිය 2020 වසරේ නොවැම්බර් මාසයේ දී ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සඳහා ඇෆ්ඝන් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නව කොන්ත්‍රාත් ගිවිසුම් පිරිනමා තිබුණා. මේ සම්බන්ධව එරට ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක හමීඩ් ෂින්වාරි පැවසුවේ "එය නවත්වනු ඇතැයි මම සිතමි - එය මගේ උපකල්පනයයි" යනුවෙනි. 

ඔහු තවදුරටත් පවසා සිටියේ අනාගතයේ තත්ත්වය කෙසේ වේවිදැයි තමන් නොදන්නා බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ අදාළ ක්‍රීඩිකාවන් සඳහා වැටුප් ලේඛනයක් පවා නිර්මාණය කර ඇති බවත්, නව රජය විසින් මෙය නවතා දැමිය යුතු යැයි පැවසුවහොත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අහෝසි කිරීමට සිදුවනු ඇති බවත් පැවසීය.

මෙතෙක් ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් කාන්තා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන කිසිදු තරගයක් හෝ තරඟාවලියක් සඳහා සම්බන්ධ වී නැතත් එරට කාන්තා ක්‍රිකට් නඟා සිටුවීම සඳහා මෙය පිටුවහලක් වී තිබුණා.

මීට පෙර තලේබාන්වරුන් පාලනය ගෙන ගිය කාලය තුළ 1996 සිට 2001 දක්වා කාලය තුළ, තලේබාන් සංවිධානය ගැහැණු ළමයින්ට කිසිදු අධ්‍යාපනයක් ලබා දීම නැවැත්වූ අතර, පිරිමි ඥාතියෙකු සමඟ නොගොස් කාන්තාවන්ට වැඩ කිරීමට හෝ නිවසින් පිටවීමට නොහැකි ලෙස දැඩි නීති පනවා තිබුණා.

දැන් නැවත බලයට පැමිණ සිටින තලේබාන් සංවිධානය කියා සිටින්නේ "ඉස්ලාමීය නීතියේ රාමුව තුළ" රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන බවයි.

ක්‍රිකට්වලට අමතවර කාන්තා පාපන්දු කණ්ඩායමද සිය වැඩකටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)