May 18, 2024

ෆෆ් ඩු ප්ලෙසිස් පිටිය මැද මුහුණ දුන් අවාසනාවන්ත අනතුර (VIDEO)

පාකිස්ථාන සූපර් ලීග් තරඟාවලිය අතර දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ෆෆ් ඩු ප්ලෙසිස් අවාසනාවන්ත අනතුරකට මුහුණ දුන්නා. 

කොරෝනා හේතුවෙන් කල් දමා තිබී පසුව ආරම්භ වුණු පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවැති 19 වැනි තරඟයේ දී උඩ පන්දුවක් රැකීමට ගිය හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයා මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබුණා.

සිදුවීමට අදාළ වීඩියෝව ලිපිය අවසානයේ තිබෙනවා.

අනතුර වුණේ කොහොමද?

මෙහිදී තරඟය පැවැත්වෙමින් තිබුණේ පෙෂාවර් සල්මි කණ්ඩායම සහ ක්වේටා ග්ලැඩියේටර්ස් දෙක අතරයි. 

පෙෂාවර් කණ්ඩායම විසින් සිය 07 වෙනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටි අතර එහිදී පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවා විසින් එල්ල කරනු ලබන 04 පහරක් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට ප්ලෙසිස් උත්සාහ කරනු ලබනවා.

නමුත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වී යන්නේ පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හස්නේන් ගැටීමත් සමඟයි. එහිදී සමීප රූපරාමුවලින් පෙනී යන්නේ හස්නේන්ගේ දණිහිස ප්ලෙසිස්ගේ හිසේ පිටුපසට වන්නට තදින් වදින බවයි. 

ෆෆ් ඩු ප්ලෙසිස්ගේ තත්ත්වය කොහොමද?

මෙම ගැටීමෙන් පසුව ප්ලෙසිස් බිම වැතිරී ඉතාමත් අපහසුවෙන් සිටින ආකාරය දැකගන්න පුළුවන්. ඔහුව වහාම රෝහල් ගත කරන්නට පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලි සංවිධායකයන් කටයුතු කරනවා. 

රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ හිසෙහි වැඩිදුර ස්කෑන් පරික්ෂණ පැවැත්විය යුතුයැයි වෛද්‍යවරුන් සඳහන් කරලා තිබුණා. ඒ අනුව අනතුරට පත් ප්ලෙසිස්ව වෙනත් රෝහලකට මාරු කර යවා තියෙනවා.

ඉදිරි තරඟ සඳහා ඔහුගේ පැමිණීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක තියෙනවා. 

ෆෆ්ගේ නවතම තත්ත්වය පිළිබඳව වැඩි විස්තර Asian Mirror Sports වෙබ් පිටුවෙන් සහ Sri Lanka Sports  ෆේස්බුක් පිටුවෙන් බලාපොරොත්තු වන්න.

ක්‍රීඩකයන් දෙදෙනා එකට ගැටෙන අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(8 votes)