April 28, 2024

ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක්: ඉම්රාන්ගේ 24 ක් ඔහුට විරුද්ධව ඡන්දය දෙන්න සූදානම්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ විශේෂත්වය වන්නේ ඔහු නායකත්වය දෙන පාකිස්තාන තේරීක් ඊ ඉන්සාෆ් (TEHREEK-E-INSAAF) පක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු එම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමයි.

අග්‍රාමාත්‍යවරයාගේ පුදුමය

ඒ බව ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා දැනගෙන තිබෙන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා දිනයි.

එම ප්‍රවෘත්තිය ඔහුට කම්පනයක් ඇති කළ එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්තාන අගමැති අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන ආවේ විපක්ෂය නියෝජනය කරන පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් පිලයි (PML-N) සහ පකිස්ථාන ජනතා පක්ෂයයි (PPP).

විපක්ෂයේ විශ්වාසභංගය

එම පක්ෂ දෙකේ 100 කට ආසන්න පිරිසක් එම විශ්වාසභංගයට අත්සන් තබා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ඔවුන් පාකිස්තාන පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට (NATIONAL ASSMBLY) බාරදී තිබෙන්නේ ඉකුත් මාර්තු 8.

මෙම විශ්වාසභංගය මාර්තු 21 පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කිරීමට නිමිත අතර මාර්තු 28 දින බොහෝදුරට ඊට ඡන්දය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංගයට හේතු

ඉම්රාන් ඛාන් ට එරෙහිව විශ්වාස විශ්වාසභංග ඉදිරිපත් කිරීමට හේතු ලෙස විපක්ෂය නියෝජනය කරන රාජා රියාස් නම් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙන්නේ උද්ධමනය ඉහළ යෑමයි.

තවත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන නූර් අලාම් ඛාන් සඳහන් කරන්නේ ඉම්රාන් ඛාන් රජය ජනතාවගේ දුකට පිළියම් නොයොදවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 March 2022 19:35