May 06, 2024

"ශ්‍රී ලාංකිකයා ඝාතනය පාකිස්ථානයට ලැජ්ජාවක්" - පකිස්ථාන අගමැති කියයි

December 03, 2021

පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කරන බව, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම පණිවිඩයේ සඳහන් වන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානය රටක් ලෙස ලැජ්ජාවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් ඉතා දැඩි අවධානයෙන් බලා සිටින බවත්, කිසිදු මග හැරීමකින් තොරව, මෙම සිද්ධියට වගකිව යුතු සැමට උපරිම දඬුවම් ලබාදීමට කිසිසේත් පසුබට නොවන බවයි, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

සිද්ධියට වගකිව යුතු අය මේ වනවිටත් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි, එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

පකිස්ථානයේ සියල්කොට්හී වසිරාබාද් මාර්ගයේ දී පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු වධ හිංසනයට ලක් කර ඝාතනය කර ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

පකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, වධහිංසනයට ලක් කර ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ සිරුර පුළුස්සා දමා ඇති බවයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ සියල්කොට්හී පෞද්ගලික කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයෙකු බව එම වෙබ් අඩවිය අනාවරණය කර තිබුණි.

No description available.

Rate this item
(0 votes)