May 01, 2024

අස්ගිරි මහා නා හිමියන්ගෙන් පාකිස්තාන අගමැතිට ලියුමක්

December 08, 2021

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ අමානුෂීය ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදීමට පත් විය හැකි යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමියෝ ​අවධාරණය කරයි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සැලවුණු සැණින්, එම ඝාතනය හෙලා දැකීමටත්, ඝාතනයට සම්බන්ධ වුණු අන්තවාදීන් කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමටත්, ඔවුන්ට නිසි දඩුවම් පැමිණවීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කිරීම පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් යැයි ද මහා නා හිමිපානෝ එම ලිපිය හරහා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු, පාකිස්තානයට කැළැලක් වූ එම ම්ලේච්ඡ සිදුවීම හෙළා දකිමින්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගැනීම, එතුමාගේ ශක්තිමත් නායකත්වය පිළිඹිබු කිරීමක් බව ද මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ අර්බුදවලට මුහුණ දෙද්දී, අසල්වැසියකු ලෙස මෙන්ම අවංක මිතුරකු ලෙස පාකිස්තානයේ සහාය සැමවිටම ශ්‍රී ලංකාවට හිමි වුණු බවත්, එම මිතුදම් දිගටම පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අපක්ෂපාතී තීන්දු තීරණ හේතුවනු ඇති බවත් මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙනවා.

එම ලිපිය පහතින්,

Rate this item
(0 votes)

Related items