May 01, 2024

පාකිස්තානයේ දී ඝාතනය වූ ප්‍රියන්තගේ අවසන් කටයුතු අද

December 08, 2021

පාකිස්ථානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කොට පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගනේමුල්ල - පොල්හේන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය පෙරේදා දිවයිනට රැගෙන එනු ලැබූ අතර, පසුව දේහය ගනේමුල්ල - පොකුණ හන්දිය - කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ නිවසෙහි තැන්පත් කෙරුණා.  

මොහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ආගමික නායකයින් හා දේශපාලනඥයින් ඇතුළු පිරිස් ඔහුගේ නිවස වෙත පැමිණියා.

Rate this item
(0 votes)

Related items