May 01, 2024

සෝසුසුම් මැද ප්‍රියන්ත කුමාර සමු ගනී (PHOTOS)

December 08, 2021

පාකිස්ථානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කොට පුළුස්සා දැමූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගනේමුල්ල - පොල්හේන සුසාන භූමියේදී සිදු කළා.

ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය පෙරේදා දිවයිනට රැගෙන එනු ලැබූ අතර, පසුව දේහය ගනේමුල්ල - පොකුණ හන්දිය - කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ නිවසෙහි තැන්පත් කර තිබුණා.  

මොහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ආගමික නායකයින් හා දේශපාලනඥයින් ඇතුළු පිරිස් ඔහුගේ නිවස වෙත පැමිණියා.

ජනාධිපති, අගමැති, මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු විවිධ පාර්ශව ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ද යොමු යොමු කෙරුණා.

ආගමික වතාවන්ට පසු එම ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු වුණා.

අනතුරුව පැවැති ගුණකතනවලින් පසු ප්‍රියන්තගේ දේහය හිතමිත්‍රාදීන්  ගනේමුල්ල පොල්හේන සුසාන භූමිය තෙක් රැගෙන ගොස් එහිදි මිහිදන් කෙරුණා. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 December 2021 19:33

Related items