May 04, 2024

රොසැල්ල ඛේදවාචකය : මුළු පවුලම දුම්රියට පැන්නාද?

December 08, 2021

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටි පියා මව පුතා ජිවිතක්ෂයට පත් වි ඇති බව වටවල පොලිසිය පැවසුවා.

අද (08) දින උදෑසන 11.45 ට පමණ මෙම තිදෙනා දුම්රියේ ගැටි ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදිය.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනා මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා  රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙස ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසුවා.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබදව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් තිදෙනාගේ සිරුරු එම දුම්රියෙන්ම නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් භාරදිමට එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

දුම්රියේ ගැටි මිය ගිය ශාන්ත කුමාර් රාජ් (40) අයෙකු මස්කෙලිය සමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ඔහුගේ ජාතික හැදුනුම්පතෙන් වටවල පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

Rate this item
(0 votes)