April 16, 2024

"ආගමට අනුව ජිවත් වෙනවා නම් කිසිවෙකුටත් අත උස්සන්නේ නෑ"

December 07, 2021

ඉතාමත් ම ශෝක ජනක කණගාටුදායක සිදුවීමක් මේ වගේ දේවල් ආගමක් පදනම් කරගෙන සිදුවෙනවානම් ඉතාමත් අවාසනාවන්තයි.ආගම කියන්නේ මිනිසුන්ව යහපත් අතට ගෙනයන ක්‍රමවේදයක්. ඉතින් ආගමක් හරියට අදහනවා නම් තවත් මනුස්සයකුට  විරුද්ධව අත උස්සන්න බෑ. අපිට ඒකයි ධර්මයෙන්  කියන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසුවා. 

අගරදගුරුතුමන් ඒ බව පැවසුවේ පාකිස්තානයේ දි කුරිරු ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ නිවෙසට ගොස් අවසන් ගෞවර දැක්වීමෙන් පසුවයි.

කාදිනල්තුමන් ප්‍රියන්ත කුමාර දියවඬන මහතාගේ බිරිය දරුවන් සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශය කළා.

"ඉතාම ශෝකජනක, කනගාටුදායක සිදුවීමක්. මේ වගේ වගේ දේවල් ආගමක් පදනම් කරගෙන සිදු වෙනවා නම් එය ඉතාම අවාසනාවන්තයි. මොකද ආගම කියන්නේ, මිනිසුන්ව යහපත් අතට ගෙනියන ක්‍රමවේදයක්නේ. ඉතින් අපි ආගමක් හරියට අදහනවා නම් තවත් මනුෂ්‍යයෙකුට විරුද්ධව අත උස්සන්න බැහැ අපිට. ඒකයි ඒ ධර්මයෙන් කියන්නේ. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. අපේ බලවත් කනගාටුව. බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල් කරන අයට හුඟාක් දුරට අපි දකින්නේ දේශපාලනය ආගම අතකොළුවක් කරගන්න දරන උත්සහයක ප්‍රතිඵලයක් හැටියටයි. ආගමයි දේශපාලනයයි දෙකක්. ඒ දෙක වෙන්කරලා තියා ගත්තොත් හැම රටකටම හුඟාක් හොඳයි කියලා."

Rate this item
(0 votes)

Related items