May 06, 2024

රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් තවත් ගැටලුවක්

December 04, 2021

රජය විසින් රසායනික පොහොර තහනම ඉවත්කිරීමත් සමඟ ඒවා තහනම් කිරීමට පෙර ගෙන්වා ගබඩා කර තිබූ රුපියල් 1500 ක් 2000 ක් වැනි මිලකට අලෙවි කළ පොහොර එම සමාගම් රුපියල් 9000 ක් 9500 ක් වැනි මිල ගණන්වලට දැන් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වනවා.

රසායනික පොහොර සමාගම් සතුව කන්නයකට පමණ අවශ්‍ය රසායනික පොහොර ගබඩා කර තිබෙන බවත් පොහොර තහනම් කිරීමට පෙර රසායනික පොහොර කොපමණ තොග සමාගම් සතුව පවතීද යන්න නිසි විමර්ශනයක් කරීමට කෘෂිකර්ම නිලධාරීන් කටයුතු කර නැතැයි ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

එහි සභාපති අනුරාධ් තෙන්නකෝන් මහතා සඳහන් කළේ් රජය එක් අතකින් රසායනික පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට බාරදී පොහොර නොමිලේ දීම හා සහනාධාරය කපා හැරීමට කටයුතු කර ඇති බවත්, කාබනික පොහොර ප‍්‍රචලිත කිරීමට කටයුතු කරන බව රජය ප‍්‍රකාශ කළත් ගොවීන් ගොවිතැනට රසායනික පොහොර යෙදීමට පටන් ගෙන ඇති බවත්ය.

ගොවීන් විසින් මෙසේ වැඩි මිලක් ගෙවා රසායනික පොහොර භාවිතා කර ලබාගන්නා අස්වැන්න සඳහා ද වැඩි මිලක් නියම කරන නිසා නැවත ගොවීන් වී මිලට සාධාරණ මිලක් ඉල්ලා සිටිනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

එසේ සාධාරණ මිලක් නොලැබී ගියහොත් නැවතත් ඒකාධිකාරිය ලබාගෙන සිටින නිෂ්පාදකයන් පස්දෙනා ගොවියාගේ වී අඩු මිලට ලබාගැනීමට කටයුතු කරනු ඇතැයි ද තෙන්නකෝන් මහතා පැවසුවා.

ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිතව සිදුවන පිපිරීම් කරළියට පැමිණීමත් සමඟ බලධාරීන්ට ගොවියා අමතක වී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)