May 10, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 04, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (04) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 508 දෙනෙකු ඊයේ  (03) දිනයේදිත් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව සමග මෙරට මෙතෙක් හමු වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 565,979ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ අතර වෛරසය ආසාදනය වීමෙන් තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 10,024ක්.

එමෙන්ම සිදුව ඇති මරණ සංඛ්‍යාව 14,419ක් වන අතර, වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 541,536ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව මෙරට ජීවිතක්ෂයට පත් තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ මරණ ඊයේ (03) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,419ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)