May 13, 2024

විදුලි කප්පාදුව අස්සේ රට පුරා ගෑස් පිපිරීම් 14ක්

December 03, 2021

පැය කිහිපයක් රට පුරා විදුලිය බිඳ වැටෙද්දී අදත් ගෘහස්ත ගෑස් අනතුරු 14ක් දිස්ත්‍රික්ක කිහිපයකින්ම වාර්තා වෙනවා.

ඒ පොලොන්නරුව, පන්නල, බිංගිරිය, මහියංගනය, කන්තේ, කිරුපලන, කාකදුපත, ග්‍රෑන්ඩ්පාස්, කළුතර දකුණ, පෝද්දල, රඹුක්ක, දඹුල්ල, රන්න යන ප්‍රදේශවලයි.

ජනතාව මේ වන විට ගෑස් මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර  ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සෙවීමේ ජනාධිපති කමිටුව අද මුතුරාජවෙල පිහිටි ලිට්රෝ ගෑස් සමාගමේ පර්යන්තය නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණා.

ඊයේ දිනයේදී කමිටුවේ සාමාජිකයින් පොලීසිය සමග එක්ව බස්නාහිර පළාතේ පිපිරීම් වාර්තා වූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල, පාදුක්ක ප්‍රදේශවල නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකළා.

එසේම, අදාළ කමිටුව විසින් ක්ෂණික සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග මහජනතාව වෙත නිර්දේශ ඉදිරිපත් කළ අතර, එහිදී නිර්දේශ 13 ක් පාරිභෝගික ජනතාව වෙත ඉදිරිපත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 21:28