May 04, 2024

විදුලිය බිඳ වැටීමෙන් මහජන සේවා රැසක් ඇණ හිටී

December 03, 2021

විදුලිය ඇණහිටීම හේතුවෙන් බොහෝ ක්ෂේත්‍ර වල වැඩකටයුතු අඩාළ වී තිබෙනවා.

විදුලිය ඇණහිටීම හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇතැයි වාර්තා වුණා.

විදුලි බිඳවැටීමත් සමඟ දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙනවා.

විදුලිය ඇණ හිටීම හේතුවෙන් නගරවල මාර්ග සංඥා පද්ධතිද අක්‍රිය වී තිබුණා.

පැය ගණනාවක් විදුලිය ඇණ හිටීම නිසා ඔසුහල් වල ශිතකරණයේ තැබිය යුතු ඖෂධ ගබඩා කිරීමේ ගැටළු මතු වුණා.

වාහන සර්විස් සෙන්ටර්වල වාහන සර්විස් කර ගැනීමට පැමිණි උදවිය පවා අසිරුතාවයට පත් වුයේ හදිසි විදුලි බිඳ වැටීම නිසා.

සැලුන් සඳහා පැමිණි සමහර පුද්ගලයින් කොණ්ඩේ භාගයක් පමණ කපාගෙන නැවත විදුලිය එන තුරු බලා සිටින අයුරුද දැක ගැනීමට හැකි වුනා.

එමෙන්ම සජීවී වැඩසටහන් විකාශය වන අතරවාරයේද විදුලිය විසන්ධි වුණා.

හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් අහිංසක රෝගීන් රැසකගේ ජීවිත දැඩි අවධානමකට ලක්වී ඇති බවද වාර්තා වුණා.

මේ අතර දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ඉතා ප්‍රසිද්ධ මන්ත්‍රීවරුන් දෙදෙනකු පාර්ලිමේන්තුවේ පිහිටි විදුලි සෝපානයක සිර වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මෙලෙස අද පැවති විවාදය අවසානයේ දී පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව යාමට ඔවුන් පැමිණීමේ දී විදුලි සෝපානය තුළ සිර වී ඇත්තේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතායි.

දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම් තත්ත්වය අතරතුර, මෙම මන්ත්‍රීවරුන් දෙපළ ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විදුලි සෝපානය තුළ යළි විදුලිය සැපයෙන තෙක් විනාඩි 15කට අධික කාලයක් මේ අයුරින් සිර වී සිට තිබෙනවා.

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීම නිසා ප්‍රදේශ රැසකම ජනතාව දැඩි අසීරුතාවය පත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 December 2021 21:25