April 26, 2024

ඇමරිකාවෙන් කාබුල් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්! සිවිල් වැසියනුත් මියයයි

September 18, 2021

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ලවුණු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගන් සිවිල් වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජීවිතක්ෂයට පත්වූවන් අතරේ කුඩා දරුවන් කිහිප දෙනකු සිටින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

අයි.එස්.කේ. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් කාබුල් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇමෙරිකන් හමුදාවයි.

ඇමෙරිකන් හමුදා ප්‍රධානී ජනරාල් ෆ්‍රැන්ක් මැකෙන්සි පවසා ඇත්තේ ප්‍රහාරය එල්ල කළේ ඇමෙරිකන් ගුවන් හමුදාව බවත්, ප්‍රහාරයෙන් මියගිය බව පැවැසනේනේ අයි.එස්.කේ. ත්‍රස්තවාදීන් හා සම්බන්ධ සිවිල් වැසියන් බවත්ය.

Rate this item
(0 votes)