April 24, 2024

සුපිරි හොලිවුඩ් නළුවාගේ බොරු ගිනි අවියෙන් වෙඩි වැදි කාන්තාවක් මරුට

අමෙරිකානු සුපිරි හොලිවුඩ් නළු ඇලෙක් බෝල්ඩ්වින් විසින් නිව් මෙක්සිකෝවේ චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවේ ව්‍යාජ ගිනි අවියකින් තැබූ වෙඩි පහරක් නිසා කැමරාකරණ ශිල්පිනයක් මරණයට පත්ව තවත් සහාය අධ්‍යක්ෂකරයෙකු තුවාල ලබා තිබුණා.

මෙම ගිනි අවිය සැබෑ ජීව උණ්ඩ යොදා වෙඩි තැබීමට නොහැකි වුණත් එයින් නිකුත් වූ උණ්ඩය නිසා මෙම මරණය සිදුව තිබෙනවා.

අදාළ සිදුවීම වී තිබුණේ "RUST" නම් චිත්‍රපයට රූගත කිරීම් අතරතුරයි.

මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදුවෙකුට චෝදනා ගොනු කර නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුවෙමින් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 08:58