April 19, 2024

මිනිසාගේ ආයු අපේක්ෂාව වසර 2.2කින් පහත වැටෙයි!

September 28, 2021

කොරෝනා වසංගතය පසුගිය වසරේ යුරෝපය සහ අමෙරිකාව සහ ලතින් ඇමරිකාව යන රටවල සැලකිය යුතු මරණ අනුපාතයක් ඉහළ නැංවීමට හේතු වූ බව ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින්ගේ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමෙන්ම මෙම වසංගත තත්ත්වය මිනිසාගේ ආයු අපේක්ෂාව වසර 2.2කින් පහත දමන්නට සමත්ව ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔක්ස්ෆර්ඩ් හි ලිවර්හුල්මේ ජනගහන විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂකයින් විසින් කර ඇති මෙම නවතම අධ්‍යයනය අනුව ආයු අපේක්ෂාව හෝ අලුත උපන් බිළිඳකු ජීවත් වන සාමාන්‍ය ආයු කාලය තුළ වර්තමාන මරණ අනුපාතය ජීවිත කාලය පුරාම පැවතුනහොත් බොහෝ යුරෝපීය රටවල සහ එක්සත් ජනපදයේ සැලකිය යුතු ලෙස ජීවත් වීමට ඇති ආයු කාලය අඩුවී යනු ඇති බවත් සඳහන්.

ජනගහන සෞඛ්‍ය හා ආයු අපේක්ෂාව නිර්ණය කිරීම සඳහා බහුලව භාවිතා වන මෙට්‍රික් ගණනය කිරීමෙන් විද්‍යාඥයන් පැවසුවේ වසංගතය හේතුවෙන් මිනිසාගේ ආයු අපේක්ෂාව සඳහා වන ජානවලට හානි සිදුව ඇති බවයි.

පසුගිය වසරේ ලොව පුරා මිලියන 1.8 කට වැඩි පිරිසක් කොවිඩ් -19 රෝගයෙන් මිය ගිය බව උපකල්පනය කළ පර්යේෂකයින් නිගමනය කළේ නැගෙනහිර සහ බටහිර යුරෝපය ඇතුළත්ව, අධ්‍යයනය කළ රටවල් 29 න් 27 ක, 2019 සිට 2020 දක්වා පුරුෂයින්ගේ හා කාන්තාවන්ගේ උපත් ආයු අපේක්ෂාව අඩු වී තිබෙන බවයි.

එක්සත් ජනපදය සහ චිලී. ෆින්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ සහ නෝර්වේහි පිරිමින් සහ කාන්තාවන් තුළ ආයු අපේක්ෂාවේ අඩු වීමක් දක්නට නොලැබුණු බවද ඔවුන් පවසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 09:17