April 25, 2024

අමෙරිකාවේ පාසලක් තුළ වෙඩි තැබීමක්! සිසුන් පාසලේ සිරවෙයි (VIDEO)

ටෙක්සාස්හි ආර්ලින්ටන් හි ටිම්බර්වීව් උසස් පාසලේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට ටෙක්සාස් ආරක්ෂක අංශ පවසා සිටියා.

සිදුවීමත් සමඟ අවට පාසල් වසා දමා ඇති අතර පොලිසිය මේ වන විට වෙඩි තැබූ අපරාධකරු සොයමින් සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරු හෝ සැකකරුවන් සෙවීම සඳහා ආර්ලින්ටන් පොලිස් දෙපාර්තමේන්තුව මැන්ස්ෆීල්ඩ් සහ ග්‍රෑන්ඩ් ප්‍රේරි පොලිස් දෙපාර්තමේන්තු මෙන්ම පාසල් දිස්ත්‍රික්කයේ පොලිසිය සහ මධ්‍යසාර, දුම්කොළ සහ ගිනි අවි කාර්යාංශය සමඟ එක්ව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීම නිසා තුවාල ලැබූ පුද්ගලයින් රෝහල් ගත කර ඇති බව පොලීසිය විසින් අමෙරිකානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ආර්ලින්ටන් නගරාධිපති ජිම් රොස් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පාසලේ සිටි සිසුන් සහ කාර්ය මණ්ඩලය තම පන්ති කාමර සහ කාර්යාල තුළ සිරවී සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසා සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ සිදුවීම වන අවස්ථාව පාසල් සිසුවෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ ආකාරයටයි,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 21:42