May 03, 2024

ආසාදිතයන් 100යි! නවසීලන්තයේ නීතිය දැඩිවෙයි

නවසීලන්තයෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 35 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව දැනට නවසීලන්තය තුළ ක්‍රියාත්මක කර ඇති ලොක්ඩවුන් නීතිය ඒ අනුව එළැඹෙන සිකුරාදා මධ්‍යම රාත්‍රීය දක්වා ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා.

එරට තුළ කොරෝනා සම්පුර්ණයෙන් පාලනය කිරීමෙන් අනතුරුව මෙලෙස රෝගීන් වාර්තා වීම පටන් ගෙන ඇති අතර දැනට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොසින්.

පළමු රෝගියා වාර්තා වූ ඕක්ලන්ඩ් හී මේ දක්වා රෝගීන් වාර්තා වී ඇත්තේ 99 දෙනෙකු පමණයි. රටේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 08ක් වැනි ප්‍රමාණයකි.

මේ වන විට ඉදිරි තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය ජසින්දා ආඩර්න් විසින් බලධාරීන් සමඟ විශේෂ්ලේෂණයක නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සතියේ අඟහරුවාදා (17) දිනයේ දී පළමුවරට ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ ලෝකයේ වේගවත්ම වසංගත පාලන ප්‍රතිචාරය දක්වමින් සමස්ත නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට එරට රජය පියවර ගනු ලැබුවා. එහිදී එරට ව්‍යාපාර, පාසල් සහ පොදු ස්ථානයන් සියල්ලමද වසා දැමුණු අතර සමස්ත රටේ ජනතාවම හුදකලා වීමට තීරණය කර තිබුණා.

චීනය සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ළඟම ආශ්‍රිතයන් සොයා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාවට නංවමින් හුදකලා කර තිබෙන කාලය තුළ  එරට වසංගතය ආසාදනය වී සිටින පිරිස් සොයා ගැනීමට නියමිතයි. 

ඒ අනුව දැනට එවැනි ස්ථාන 280ක් සහ පුද්ගලයින් 13,230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

Rate this item
(3 votes)