May 03, 2024

කොරෝනාව සාර්ථකව නිම කළ නවසීලන්ත අගමැතිනිය සිය විවාහයට සැරසෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා ආර්ඩර්න් විසින් සිය විවාහයට සැරසෙමින් සිටින බව වාර්තා වෙයි. 

අග්‍රාමාත්‍යවරියගේ සහකරුවා වන රූපවාහිනි නිවේදකයෙකු වන ක්ලාක් ගේෆෝඩ් සමඟ එක්ව මේ වන විට විවාහ සඳහා දිනයක් වෙන් කරවාගෙන ඇති බව වාර්තා වන නමුත් විවාහය පැවැත්වෙන දිනය තවමත් හෙළි කර නොමැත. මෙම වසරේ අග භාගය වන විට විවාහය බොහෝ විට පත්වනු ඇති බව වාර්තා වෙයි.

ආර්ඩර්න් සහ ගේෆෝඩ් සම්බන්ධතාව 2013 වසර දක්වා ඇදී යන අතර ඔවුන් දෙදෙනා 2019 වසරේ දී විවාහ ගිවිස ගෙන සිටියහ. 

40 වැනි වියේ පසුවන අග්‍රාමාත්‍යවරිය සහ 44 වැනි වියේ පසුව ඇයගේ සහකරුවා දාව දියණියක් ද උපත ලබා ඇති අතර ඇයට වයස අවුරුදු 2ක් සම්පුර්ණ වී තිබේ.

ගැබිණියක්ව නවසීලන්තයේ ප්‍රධාන පෙළේ දේශපාලනය කළ එක් කාන්තාවක් ලෙසද ඇය ඉතිහාස ගතව සිටියි.

විවාහය සඳහා උත්සවය නොපවත්වා සාමාන්‍ය අයුරින් පවත්වන බවද අග්‍රාමාත්‍යවරිය විසින් ගුවන් විදුලි නාලිකාවක් සමඟ එක්ව පැවසීය.

2017 වසරේ දී බලයට පත් ජසින්දා ආර්ඩර්න් නවසීලන්තය තුළ බිහි සාර්ථකම අග්‍රාමාත්‍යවරිය බවට පත්ව සිටින අතර කොරෝනා වෛරසය පැවැති සමයේ ලෝකයේ සාර්ථකවම වසංගතය පාලනය කළ රට බවටද නවසීලන්තය පත් කිරීමට ඇයට හැකිවිය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 18:09