April 23, 2024

නවසීලන්තය කැළඹූ ලංකාවේ ත්‍රස්තයාගේ දර්ශන එළියට (VIDEO)

September 03, 2021

(සංවේදී දර්ශන සහිත වීඩියෝව පුවත අවසානයේ)

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල සිදුකළ පුද්ගලයා විසින් එම ප්‍රහාරය දියත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙනවා.

එම වීඩියෝවේ දැක්වෙන පරිදි අදාළ පුද්ගලයා සුපිරි වෙළෙඳ සැලේ භාණ්ඩ මිලදී ගනිමින් සිටි පුද්ගලයින්ට පිහි ප්‍රහාරයක් දියත් කර තිබෙන්නේ.

එහිදී වෙළෙඳසැල පුරා රුධිරය විසි වී ඇති ආකාරය දැකගන්න පුළුවන්.

එමෙන්ම බටහිර ඕක්ලන්ඩ් පොලීසිය විසින් වෙළෙඳසැළට ඇතුළු වී මිනිස්සුන්ට ආරක්ෂා වෙන ලෙස පවසන ආකාරයත් පසුව ත්‍රස්තයාට වෙඩි තබන ආකාරයද එම දර්ශනවල දැක ගන්නට හැකියාව තිබෙනවා.

මෙම ප්‍රහාරය දියත් කරන ලද්දේ අයි.එස්. ත්‍රස්තයන්ගේ අදහස් ඇති 2011 වසරේ දී නවසිලන්තයට සංක්‍රමණය වූ ලාංකිකයෙකු විසින් බවට මේ වන විට අනාවරණය වී තිබේ.

එම වීඩියෝව පහතින්,

සබැඳි පුවත > නවසීලන්තය කැළෙඹයි! ලංකාවේ ත්‍රස්තයෙක් කළ විනාශය

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 12:59