April 20, 2024

නවසීලන්තය කැළඹෙයි! ලංකාවේ ත්‍රස්තයෙක් කළ විනාශය

September 03, 2021

නවසීලන්තයේ, බටහිර ඕක්ලන්ඩ් සුපිරි වෙළඳසැලකට ඇතුළු වී පුද්ගලයින් 6 දෙනෙකු බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා.

පොලිස් වෙඩි පහරින් මිය පුද්ගලයා ඉස්ලාමී රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) අදහස් සහිත අයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඔහු 2011 වසරේ දී නවසිලන්තයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන. 

එමෙන්ම ඔහු  2016 වසරේ සිට නවසීලන්තයේ ජාතික ආරක්ෂාව ගැන දැඩි උනන්දුවක් දක්වා ඇති බවට විමර්ශනවලදී සොයාගෙන තිබෙනවා.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්දා ආඩර්න් විසින් මෙම සිදුවීම ත්‍රස්වාදී ක්‍රියාවක් ලෙසට හඳුන්වා තිබෙන අතර මෙය ප්‍රචණ්ඩ අන්තවාදී ක්‍රියාවක් ලෙසද පැවසුවා.

නවසීලන්තයේ මෑත ඉතිහාසයේ සිදු වූ දෙවන ත්‍රස්ත ප්‍රහාරය වේ. 2019 මාර්තු 15 වෙනිදා, ක්‍රිස්ට්චර්ච්හි මුස්ලිම් පල්ලියේදී සුදු අධිරාජ්‍යවාදී ත්‍රස්තවාදියෙක් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ සිදුවීමෙන් පසුවයි මෙම ප්‍රහාරය වාර්තා වුණේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 12:24