May 07, 2024

අති ප්‍රබල භූකම්පනය හයිටි රාජ්‍ය වනසා දමයි

හයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයින් 304 දෙනෙකු මියගොස් 1800 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රික්ටර් පරිමාණ 7.2 ක් වූ මෙම ප්‍රබල භූකම්පනය ඊයේ (14) දිනයේ උදෑසන එරට බටහිර දෙසින් ඇතිව තිබුණු අතර පල්ලි සහ හෝටල් ඇතුළු ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශයට පත්ව තිබුණා.

එරට විශාල හානියක් සිදු වූ බව අගමැතිවරයා විසින් පවසා සිටි අතර ඔහු විසින් මාසයක හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම භූකම්පනය ඇතිව තිබෙන්නේ රික්ටර් පරිමාණ 7.0ක් 2010 ප්‍රබල භූකම්පාවෙන් සිදුවූ විනාශය මතින් තවමත් ගොඩ නැගෙමින් සිටින අවස්ථාවකයි.

සෙනසුරාදා ඇති වූ භූමිකම්පාවේ කේන්ද්‍රය ශාන්ත ලුවී ඩු සුඩ් නගරයට කි.මී 12 ක් දුරින් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් අනාවරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 August 2021 08:16