May 08, 2024

හයිටි ජනපතිව කෲර ලෙස ඝාතනය කළ හැටි හෙළිවෙයි

හයිටි ජනාධිපතිවරයා වන ජොවැනෙල් මෝස් ව ඊයේ පසුගිය 07 වැනිදා ඝාතනය ලක් වුණේ ඔහුගේ නිල නිවසේ දීමයි.

එදින අලුයම 1ට පමණ ජනාධිපතිවරයාගේ නිල නිවසට ඇතුළු වන නාඳුනන සන්නද්ධ පිරිසක් විසින් ජනාධිපතිවරයාව වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙහිදී ජනාධිපතිවරයාගේ නිවසට ඇතුළු වූ තුවක්කුරුවන් පිරිස විසින් ජනාධිපතිවරයාගේ හිසට 12 වතාවක් වෙඩි තබා ඇති බවට වාර්තා වෙනවා. 

මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ මිලිමීටර් 5.56 සහ 7.62 උණ්ඩ දැමිය හැකි ගිනි අවියකින් බවත් පරික්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධ වු අපරාධකරුවන්ගෙන් සිව් දෙනෙකු පොලීසිය සමඟ ගැටුම්වලදී මිය ගොස් ඇති බවත් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට යොදාගන්නට ඇත්තේ නේටෝ සංවිධානය විසින් භාවිත කරනා M4A1, FN SCAR මෙන්ම AK47 වර්ගයේ ගිනි අවිවලින් වන්නට ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

ජනාධිපති ආර්යාව මෙහිදී බරපතළ තුවාල ලබා සිටි නමුත් දැන් ඇයගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර රාජ්‍ය පාලනය ගෙන යන පුද්ගලයා පිළිබඳව මිය ගිය ජනාධිපතිවරයාගේ ආණ්ඩු පක්ෂය තුළ මතේභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Rate this item
(5 votes)