April 27, 2024

හයිටි ජනපති ඝාතනය ඉහළපෙළේ නිලධාරියෙකු අත්අඩංගුවට

පසුගියදා සිය නිල නිවසේ දීම ඝාතනයට ලක්වූ හයිටි රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු සම්බන්ධ බවට සැකයක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හයිටි ජනාධිපතිවරයාව ඝාතනය කර මාසයකට ආසන්න කාලයක් ළඟා වෙමින් තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම විශේෂත්වයකි.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කොළොම්බියානු කුලී ඝාතකයන් 20 දෙනෙකු යොදාගෙන තිබූ බවට මේ වන විට අනාවරණය කරගෙන අවසන්.

කෙසේ වෙතත් ඝාතනය මෙහෙය වූයේ කුමක් සඳහාද, නිල නිවසට ඇතුළු වුයේ කෙසේ ද සහ ඝාතනය කළ හේතුව මෙතෙක් හෙළි වී නැහැ. 

Rate this item
(0 votes)