May 07, 2024

නිල නිවසට පැන්න පිරිසක් හයිටි ජනපතිව ඝාතනය කරයි

හයිටි ජනාධීපතිවරයා වන ජොවැනෙල් මෝස්ව එරට අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ ආයුද සන්නද්ධ පිරිසක් විසින් ඝාතනය කර තිබෙන බවට එරට අග්‍රාමාත්‍යවරයා විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අග්‍රමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ හයිටියේ අගනුවර වන පෝර්ට් ඕ ප්‍රින්ස් හි ජනපතිගේ නිල නිවසට එරට වෙලාවෙන් අලුයම 01කට පමණ ඇතුළු වූ සන්නද්ධ පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙම පහර දීමෙන් ජනාධිපති ආර්යාවද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට වාර්තා වෙනවා.

හයිටියේ රාජ්‍ය අඛණ්ඩතාවය පවත්වා ගැනීමට ආණ්ඩුව විසින් සියලු පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යරයා විසින් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ජනාධිපතිවරයාට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් හෙළා දකිමින් ප්‍රකාශ කර සිටියේ මෙය කුරිරු, අමානුෂික හා ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයා ඝාතනය වන විට 53 වැනි වියේ පසු වූ අතර ඔහු හයිටි ජනාධිපති ධූරයට පත්වූයේ 2017 වසරේ දීය.

Rate this item
(1 Vote)