April 27, 2024

කොරෝනා නිර්මාණය වුණේ විද්‍යාගාරයක - තවත් පරික්ෂණ වාර්තාවක් එළියට

ලෝකය තුළ පෙර කවරදාටත් වඩා දැන් කොරෝනා වෛරසය විද්‍යාගාරයක නිර්මාණය වූ බවට විශ්වාසය පැතිර යමින් තිබෙනවා. 

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් මේ විද්‍යාගාරයක නිපදවූ බවට යන මතය සෙවීම සඳහා බුද්ධි අංශ මඟින් පරික්ෂණයක් ද ආරම්භ කරලා.

මේ අතර ඇමෙරිකාවේ රජයේ රසායනාගාරයක් විසින් නිකුත් කළ වාර්තාවක් “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” විසින් පළ කර තිබුණු අතර එය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරලා තිබුණේ එම වාර්තාවේ පවසන පරිදි  චීනයේ වුහාන්වල පිහිටි වෛරස් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන විද්‍යාගාරයකින් වෛරසය කාන්දු වූ බවට උපකල්පනය කළ හැකි බවයි. එය වැඩිදුර විමර්ශනය සඳහා සුදුසුය යන්නයි.

මෙම අධ්‍යයන වාර්තාව සකස් කිරීම ආරම්භ කර තිබුණේ ලෝරන්ස් ලිවර්මෝර් ජාතික රසායනාගාරය විසින් වන අතර එය 2020 මාර්තු මාසයේ දී ආරම්භ කර තිබුණා. රම්ප් පරිපාලනයේ අවසන් මාස කිහිපය තුළ වසංගතයේ මූලාරම්භය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පවසා තිබුණු අතර ඒ අනුව මෙම වාර්තාව සකස් කර එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණා.

ලෝරන්ස් ලිවර්මෝර් රසායනාගරයේ කොවිඩ්-19  වෛරසය පිළිබඳ වාර්තාව පදනම් වී ඇත්තේ ජානමය විශ්ලේෂණයන් මත බවද ද වෝල් ස්ට්‍රීට් ජර්නලයේ සටහන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය විසින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සඳහා ලෝරන්ස් ලිවර්මෝර් රසායනාගර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර තිබුණත් ඔවුන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

වත්මන් ජනපති ජෝ බයිඩන් විසින් වෛරසයේ මුලාරම්භය සොයා පරික්ෂණයක් කරන ලෙසද මේ වන විටත් දැනුම් දී අවසන්. 

ඇමෙරිකානු බුද්ධි අංශ විසින් කරුණු දෙකක් යටතේ වෛරසයේ මුලාරම්භය පිළිබඳව තොරතුරු රැස් කරමින් සිටින අතර එම කරුණු දෙක වන්නේ වෛරසය විද්‍යාගාරයකින් කාන්දු වූ බවට වන මතය සහ වෛරසය සතෙකුගෙන් මිනිසාට බෝ වුණාද යන්න පිළිබඳවයි.

මෙම කරුණු දෙකෙන් එකක් තහවුරු වනතුරු වෛරසයේ මුලාරම්භය පිළිබඳව අවසන් නිගමනයකට එළැඹිය නොහැකි බවද ජනාධිපතිවරයා විසින් පවසා තිබුණා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය සමය තුළ නිකුත් වූ බුද්ධි අංශ වාර්තාවක සඳහන් වුයේ 2019 නොවැම්බර් මාසයේ දී චීනයේ වුහාන් විද්‍යාගාරයේ පර්යේෂකයන් තිදෙනෙකු කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ සහ තවත් රෝග ලක්ෂණ කිහිපයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇතිබවයි.

චිනය වෙත දිගින් දිගිටම එල්ල වෙන මෙම චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටින අතර මෙම තොරතුරු නිවැරැදි නොවන බවට ඔවුන් මෙතෙක් සාධක සහිතව පෙන්වීමක් ද කර නොමැත.

Rate this item
(1 Vote)