April 27, 2024

ජෝන් සීනා කළ වරදට මහජන චීනයෙන් ප්‍රසිද්ධියේම සමාව අයදී

ලෝක ප්‍රසිද්ධ වර්ල්ඩ් රෙස්ලිං එන්ටර්ටෙන්ට්මන්ට් හී සුපිරි තරුවක් මෙන්ම හොලිවුඩ් රංගන ශිල්පියෙකු වන ජෝන් සීනා විසින් ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීනයෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.

ජෝන් සීනා විසින් ‘තායිවානය’ රටක් ලෙස හඳුන්වා ඇති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙලෙස සමාව ඉල්ලා තිබේ.

තායිවානය ස්වයංව පාලනය වූවත් චීනය විසින් තායිවානය තවමත් චීන භූමියට අයත් කොටසක් ලෙස සලකනු ලබයි. 

තායිවානය රටක් ලෙස පිළිගැනීමට චීනය අකමැති වන අතර එසේ පිළිගැනීම චීනය රාජ්‍ය තාන්ත්‍රිකව කෝපයට පත් කර ගැනීමක් ලෙසද බොහෝ දෙනෙකු පවසා සිටියි. ඔවුන් පවසා සිටින්නේ චීනය නුදුරු අනාගතයේ දීම තායිවානය නැවතත් යටත් කරගනු ඇති බවයි.

ජෝන් සීනා විසින් ඔහු රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයක් වන “ Fast & Furious 9(ෆාස්ට් ඇන්ඩ් ෆීයූරියස් 09)” චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සඳහා තායිවානයට ගිය අවස්ථාවේ තායිවානය රටක් ලෙස හඳුනවා ඇති අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවත් එයට සමාව ඉල්ලා සිටින බවත් ජෝන් සීනා විසින් චීනය වෙත පවසා තිබේ.

ජෝන් සීනා මෙම සමාව අයැදීම චීන මෙන්ඩරීන් භාෂාවෙන්ම සිදුකර තිබීමද විශේෂත්වයක් වන අතර එය චීනයේ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලායක් වන වෙයිබෝ වෙත යොමු කර තිබුණි.

චීනය යනු හොලිවුඩ් චිත්‍රපටයන්ට ඇති හොඳම ආදයම් සපයන්නා වන අතර ජෝන් සීනා කළ ප්‍රකාශයත් ෆාස්ට් ඇන්ඩ් ෆියූරියස් නවතම චිත්‍රපටයේ තිරගත කිරීම්වලට චීනය ඉඩ ලබා නොදෙනු ඇතැයි යන බියෙන් සීනා විසින් මෙම සමාව ගන්නට ඇති බව සමාජ මාධ්‍ය පරිශිලකයන් විසින් පවසා තිබුණි.

Rate this item
(0 votes)