May 06, 2024

වුහාන් විද්‍යාගාරයේ කොරෝනා නිර්මාණය කළාද? ඇමෙරිකානු බුද්ධි අංශ වෙතින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කොරෝනා වසංගතය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ පිහිටි වුහාන් වෛරස් අධ්‍යයන ආයතන (WIV) හී පර්යේෂකයන් විසින් කොරෝනා රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තා කර තිබේ.

‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්‘ පුවත්පත විසින් ඇමෙරිකානු බුද්ධි අංශ විසින් නිකුත් කළ වාර්තාවත් උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ වුහාන් හී වෛරස් අධ්‍යයන ආයතනයේ සේවය කළ පර්යේෂකයන් තිදෙනෙකු විසින් කොරෝනා වෛරසය ලෝකයට පළමුවරට අනාවරණය කිරීමට පෙර කොරෝනා රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ ඇති රෝග සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ද මෙම චෝදනාව දිගින් දිගටම එල්ල කළ කර තිබුණි.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ පර්යේෂකයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය විද්‍යාගාරයක් තුළ නිපදවූ බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමක් දැඩි ප්‍රයත්නයකින් පසුව වුහාන් වෙත ගියත් ඔවුනට වෛරසයේ ආරම්භය පිළිබඳව විශේෂ වූ කරුණු සොයා ගැනීමට නොහැකි විය.

Rate this item
(0 votes)