April 26, 2024

ත්‍රස්ත ප්‍රහාරයෙන් ලොව විශාලතම බොරතෙල් පර්යන්තයට හානියක් නැහැ, ඒත් තෙල් මිල ඉහළ යයි

සෞදි අරාබියේ තෙල් කර්මාන්තයේ හදවත ලෙස සලකනු ලබන ලොව විශාලතම තෙල් පර්යන්තයක් වන රාස් තනුරා හී පිහිටි අරම්කෝ තෙල් පර්යන්තය වෙත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ යේමනයේ සිටින යේමනයේ හවුති කැරලිකරුවන් විසිනි.

ඔවුන් විසින් ප්‍රහාරය සඳහා මිසයිල මෙන්ම ඩ්‍රෝන ප්‍රහාරයන් ද යොදා ගෙන තිබුණු බවට මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

සෞදි අරාබියානු බලධාරීන් විසින් මෙම ප්‍රහාරය ලෝක බලශක්තියට හානි කිරීම සඳහා එල්ල කරන ලද අසාර්ථක ප්‍රහාරයක් බවට පවසා තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරවලින් රාස් තනුරා හී අරම්කෝ තෙල් පර්යන්ත සංකීර්ණය කිසිදු හානියක් සිදුව නොමැති බවද සෞදි අරාබියානු බලශක්ති අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

මෙම තෙල් ගබඩාවට පහර දීම සඳහා පැමිණි ඩ්‍රෝන යානාවක් මුහුදු සීමාවට ඇතුළු වන අවස්ථාවේ දීම හඳුනා ගත් බවද සෞදි බලධාරීන් පවසා සිටි අතර එම නිසා කිසිදු දේපළ හානියක් සහ ජීවිත හානියක් වීමට නොදී ප්‍රහාරය වළක්වා ගැනීමට හැකි වූ බවද ඔවුන් පවසා සිටියහ.

මෙම අසාර්ථක ප්‍රහාරය එල්ල වී තිබුණේ පසුගිය (07) ඉරිදා දිනයේ වුවත් ඊයේ (08) දිනය වන විට තෙල් බැරලයක මිල ඩොලර් 70වක් දක්වා ඉහළ ගොස් තිබේ. 

එය 2020 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම මිල අගය බවටද සඳහන් වෙයි.

යේමනයේ හවුති කැරැලිකරුවන් සහ සෞදි අරාබිය අතර දැඩි යුද ගැටුම් ඇතිව තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇති බවට සඳහන් වෙයි.

Rate this item
(0 votes)