April 25, 2024

අමෙරිකාව කැළඹූ 9/11 ප්‍රහාරයට සෞදි රජය සම්බන්ධ බවට හෙළිවෙයි

September 12, 2021

2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක FBI වාර්තාවක් අමෙරිකානු රජය විසින් එළිදක්වා තිබෙනවා.

මෙම රහසිගත වාර්තාවන් නිකුත් කරන්නැයි 9/11 ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඥාතීන් විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලීම් සලකා බලා මෙය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වාර්තාව අනුව හෙළවී තිබෙන්නේ ප්‍රහාරය සඳහා යොදාගත් ගුවන් යානාව පැහැරගත් 19 දෙනාගෙන් 15ක්ම සෞදි ජාතිකයන් බවයි.

නමුත් මෙම ප්‍රහාරය සෞදි අරාබියානු රජය විසින් සිදුකළ කුමන්ත්‍රණයක් බවට අදාළ වාර්තාව තුළ කිසිදු සාක්ෂියක් සපයා තිබුණේ නැහැ.

මෙම වාර්තාව නිකුත් කළ පසුව අමෙරිකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් චෝදනා කර සිටියේ එම වාර්තාව සත්ය හා ද්වේෂසහගත බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 19:44