April 25, 2024

තහනම් කළ රටකට ගියොත් සෞදියෙන් දෙන දඬුවම තීරණය කරයි

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියා කලාපයක නිරත වන සෞදි රාජ්‍ය විසින් වෛරසය පාලනය කිරීම සඳහා අලුත් පියවරක් ගැනීමට කටයුතු කරලා තිබෙනවා.

ඒ අනුව එරට රජය විසින් සංචාරය සඳහා යෑම තහනම් කර ඇති රටකට යෑමට උත්සහා කළහොත් හෝ ගියොත් වසර 03ක සංචාරක තහනමක් පැනවීම මෙම තීරණයයි.

මෙම ගමන් තහනම ඍජුව සහ වක්‍රව දෙයාකාරයෙන්ම බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස පනවා ඇති නව නීති කඩ කරන්නන් එරට වසංගත පාලන නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කරා යැයි සලකා නැවත සෞදියට පැමිණිය පසුව දැඩි දඬුවම් ලබාදෙන බවත් වසර 03ක් සංචාරක තහනමක් පනවන බවත් එරට රජය විසින් දැනුම් දී තිබෙනවා.

Rate this item
(0 votes)