April 16, 2024

සෞදි අරාබියානු ඔටුන්න හිමිකුමරාගේ ඇත්ත හෙළිවෙයි - ඇමෙරිකාවෙන් රහස් බුද්ධි අංශ වාර්තා ප්‍රසිද්ධ කරයි

February 27, 2021

සෞදි අරාබියේ ඔටුන්න හිමිකුමාර වන මොහොමඩ් බින් සල්මාන් විසින් අණ දී සිදු කරනු ලැබු ඝාතනයක් පිළිබඳව ඇමෙරිකාව කරන ලද බුද්ධි අංශ මෙහෙයුමක වාර්තාවක් ඇමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස හෙළි කර තිබුණේ ලෝකයේ වඩාත් කතාබහකට ලක්වූ මාධ්‍යවේදී ඝාතනයක් වන ජමාල් කිසෝගී ඝාතනය පිළිබඳවයි.

ඇමෙරිකාව විසින් මෙම ඝාතනය සම්බන්ධව බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණු නමුත් ඔවුන් එම වාර්තාව ප්‍රසිද්ධ නොකර තිබුණි. 

එම වාර්තාවේ සඳහන් වන පරිදි මොහොමඩ් බින් සල්මාන් කුමාරයා විසින් ජමාල් කිෂෝගී ඝාතනය කිරීම සඳහා අණ ලබා දී ඇති බවට හෙළි වී තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ "තුර්කියේ ඉස්තාන්බුල්හි සිටින සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි අල්ලා ගැනීමට හෝ ඝාතනය කිරීමට මෙහෙයුමක් කුමාරයා විසින් අනුමත කළේය" ලෙසයි.

ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට ලියූ සහ එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකු වූ මොහොමඩ් කුමරුගේ විවේචකයෙකු වූ කෂෝගි, 2018 ඔක්තෝම්බර් මාසයේදී ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයේ රැඳී සිටියදී ඇදගෙන ගොස්, පසුව මරා දමා කැබලිවලට කපා ඇත.

මෙම ඝාතන සිදුවීම එදා ලෝකයම කතා කළ සිදුවීමක් වූ අතර ලෝකය පුරා මෙම සිදුවීමට විරුද්ධව උද්ඝෝෂණ සහ විරෝධතාද පැවැත්විය.

Rate this item
(0 votes)